පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායෙහි නිලධාරීන් 86000 කට ආසන්න පිරිසක් දිවයින පුරා පොලිස් රාජකාරිය ඉටුකළත් තවත් 30000ක ඌනතාවක් පවතින බව පොලිස්පතිවරහා විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ලබන මස 03 වැනි දිනට යෙදී තිබෙන 159 වැනි පොලිස් දිනය වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක් ඔස්සේ තොරතුරු රැසක් අනාවරණය වේ.
අතීතයේ පොලීසියෙහි තිබූ ප්‍රෞඪත්වය යළි ලබාගැනීම හා පොලීසියේ
අපරාධ විමර්ශනය හා අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ඒකාබද්ධව පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්වීමෙන් අනතුරුව පොලීසියේ දර්ශනය වන අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමාකාමී පරිසරයක් නිර්මාණය කිරීම පෙරදැරි කර ගෙන මෙම වැඩ සටහන ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දෙයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම මත පොලීසියට නව නිලධාරීන් බඳවා ගැනීම හා උසස්වීමි ලබාදීමේදී ඇති වී තිබෙන ගැටලු ඉතා කෙටිකාලයකදී විසඳීමත් ඊට සම්බන්ධ කනිෂ්ඨ,පරීක්ෂක ශ්‍රේණිය හා විධායක ශ්‍රේණිවල SOR අනුමත කර ගැනීමත් සිදුකර තිබෙන බවද සඳහන් කරයි.
“නීතිය බලගන්වමු සාමය සුරකිමු”තේමාව යටතේ ලබන මස 03 වැනි දිනට යෙදෙන 159 වැනි පොලිස් දිනය සැමරීමටද සැලසුම් කර තිබේ.
ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා පොලිස්පති ධුරයට පත් වූ 1866සැප්තැම්බර් 03 වැනි දින ව්‍යවස්ථාපිතව පොලීසිය ආරම්භ කළ දිනය ලෙස සැලකෙයි.
පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය උදෙසා පොලිස් ස්ථාන මට්ටමින් ව්‍යාපාති ක්‍රියාත්මක කිරිමත්,ත්‍යාග හා ප්‍රශංසා ලබාදීම වෙනුවෙන් නව ක්‍රමවේද සකස් කිරීම, දුර්වල නිලධාරීන් හඳුනාගැනීම සඳහා නව කාර්ය සාධනයක් හඳුන්වාදීම, මහජන දිනයක් පැවැත්වීම, පොලිස් නිලධාරීන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයෙහිදී සෑම බ්‍රහස්පතින්දා දිනයක්ම වෙන්කිරීම නව වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන බවද සඳහන් කරයි.