පොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමානය වන විට පුරප්පාඩු 28,000ක් පමණ තිබෙන බවත්, ඒ අනුව 5,000ක පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා යොමු කළ ප්‍රශ්නයකට අද (08දා) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර, ඉදිරි මාස 03ක කාලය තුළ පහළ ශ්‍රේණියේ උසස්වීම් 5,000 ක් සහ පරීක්ෂණ ශ්‍රේණියේ උසස්වීම් 1,500ක් ලබා දීම සඳහා තමා උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.