පොලීසියට තර්ජනය කළ ’බස් චණ්ඩියා’ අත්අඩංගුවට
"යුනිෆෝම් ගරු කරලා සලකලා යවනවා, නැත්තම් උස්සලා පොළොවෙ ගහනවා" යැයි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජනය කළ පෞද්ගලික බස් රථ රියදුරු මහරගම නිලම්මහර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.
වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු ඊයේ (1) රාජගිරිය දේවෙස්ථානයක් අසල රථවාහන රාජකාරි යෙදී සිටියදී හෙට්ටියාවත්ත සිට නුගේගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය බස් නැවතුමෙන් පිටත් නතර කර තිබූ බව පොලීසිය කියයි .
එම අවස්ථාවේදී කොස්තාපල්වරයා බස් රථය බස් නැවතුමෙන් පිටත නතර කිරීම සම්බන්ධයෙන් එම වැරැද්ද පෙන්වා දී දඩකොලයක් ලබාදීමට කටයුතු කිරීමේදී සැකකාර රියදුරු කොස්තාපල්වරයා වෙත අත දිගු කර තර්ජනය කරමින් "උසාවියට බැරිනම් ඕන තැනකට දාන්න , දඩ ගහන එක එච්චර ලොකු දෙයක් නෙමේ පාරේ ඉන්න එපා, මතක තියා ගනින් යට කරල මරනවා, මට කවුරු වුණත් කමක් නෑ , මගේ නම ඩිල්ශාන් හොඳට අහලා බලහන්" යනුවෙන් තර්ජනය කර එම ස්ථානයෙන් පිට වී ගොස් තිබිණි
එම අවස්ථාවේදී කොස්තාපල්වරයා කිසිම අවුලක් නැහැ ,තැන්කියු යනුවෙන් ප්රතිචාර දක්වා තිබිණි. සැකකාර රියදුරු කොස්තාපල්වරයාට එලෙස තර්ජනය කරන අයුරු කොස්තාපල්වරයා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබිණි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.


popular news
-
srimahal Wednesday, 02 August 2023 09:15 AM
his words to bring danger to a person and actions to go against with law are too serious. He should get the maximum punishment
Reply : 0 0
අහිංසක Thursday, 03 August 2023 02:04 AM
රට හදන්න සැබෑ උවමනාවක් පාලකයින්ට තිබේනම් මෙහෙම වැරදි විතරක් නොවෙයි රිය අනතුරු සිදුකර මිනීමැරුම් කලේ නම් ඔවුන්ට කිසිම සමාවක් නැතුව ඉහළම අධිකරණයට යාමට අවස්ථා අවුරා රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අහෝසි කරන්නත් අවම වශයෙන් අවුරුදු දහයක් යහපත් කල්ක්රියාවට සමාවක් නොදී සිර දඩුවම් දීමට වහාම නීති සකසා ක්රියාත්මක කරන්න ඕන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

