පොලීසියට එරෙහි පැමිණිලි වැඩිවෙලා
පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉකුත් වසර පහක කාලය තුලදි (2021-2025) මහජන පැමිණිලි 11,859 ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
පොලිසියේ ක්‍රියාකාරිත්වය එරෙහිව ලැබි ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවෙමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඉකුත් වර්ෂය තුල (2025) පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 2,979ක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබි තිබුණි. පොලිසියට එරෙහිව 2021 වර්ෂයේ මහජන පැමිණිලි 1893ක්,2022 වර්ෂයේ දි මහජන පැමිණිලි 1,676ක්,2023 වර්ෂයේ දි 2,448ක් හා 2024 වර්ෂයේ දි පැමිණිලි 2,863ක් ලැබි තිබුණි.
ඉකුත් වර්ෂයේ දි පොලිස් අත්අඩංගුවේ සිටියදි මරණයට පත්විමට එරෙහිව අභියාචනා 05ක් ලැබි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. පොලිසිය විසිස් ක්‍රියා නොකිරිම, බලය අයථා ලෙස පරිහරණය කිරිම, පක්ෂග්රාහිවිම, බොරුචෝදනා කිරිම, මත්ද්‍රව්‍ය වැරදි, පහරදිම, අල්ලස හා දුෂණ, නිති විරෝධි ලෙස රදවා ගැනිම, වධ හිංසා පැමිණිවිම හා කාන්තාවන්ට හා ළමුන්ට හිංසා කිරිම සම්බන්දයෙන් මහජන පැමිණිලි පොලිසියට එරෙහිව ලැබි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
