පොලිස් සේවයේ යෙදි සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලිසිය පවසයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයා අවසන් වරට රත්නපුර මුලස්ථාන පොලිසියට සම්බන්ධව සේවය කර ඇති බවත් අයිස් මත් ද්‍රව්‍ය පානය කිරිම නිසා වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිමට අදාල බලධාරින් කටයුතු කිරිමේදි එය ප්‍රතික්ෂේප කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම තත්වය මත රාජකාරියට වාර්තා නොකිරිම තුළ මොහුගේ සේවය අතහැර යාමට නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
රත්නපුර කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතාගේ නියෝග මත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කිරිඇල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පැවත්වේ.