" ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ " , "ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා "යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාකර පොලිස් භාරයට ගත් යතුරු පැදියක් බලහත්කාරයෙන් අත්පත් කරගත් යුද හමුදා කෝප්රල්වරයෙකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාර්මිකයෙක්, වඩු කාර්මිකයෙක්, සහ රාජ්ය ආයතනයක රැකියාව කරන්නෙක් ද වන බව පොලිසිය පැවසීය.
සැකකාර කෝප්රල් කෝප්රල්වරයා පාදුක්ක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන්නෙක් බව පොලීසිය කියයි.
බණ්ඩාරගම පොලීසිියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඊයේ රාත්රී 11.30 ට පමණ කඹුරුගොඩ හංදිය ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටියදී කඹුරුගොඩ අතුරු මාර්ගයක සිට ආරක්ෂක හිස්වැසුම් නොමැතිව තිදෙනකු පැමිණි යතුරුපැදියක් නවතා සිදු කළ පරීක්ෂාවේදී ඔවුන් තිදෙනාම බීමතින් සිටි බවට අනාවරණය වූ බව පොලීසිය කියයි.
යතුරු පැදිය පැද වු පුද්ගලයාගේ රියදුරු බලපත්රය ඉල්ලා සිටීමේදී යතුරු පැදිය සිටි සැකකාර හමුදා කෝප්රල්වරයා "ඕ ගොල්ලො පොලීසියේද ? ට්රැෆික් රාලහාමිලා ට විතරයි පුළුවන් රියදුරු බලපත්රය ඉල්ලන්න,ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ඔයාලට වඩා නීතිය මම දන්නවා යැයි පවසමින් , අනෙක් තිදෙනාට වරෙන් යන්න යයි. පවසමින් ඊට මදක් ඈතින් තිබෙන නිවසක් වෙත යතුරු පැදිය රැගෙන ගොස් තිබු බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමන්ට රියදුරු බලපත්රය දෙස නැවත නැවත යතුරු පැදිය පැදවූ පුද්ගලයාගේ ඉල්ලා සිටියත් නිවෙස් හිමි පුද්ගලයා පැමිණ ගේට්ටුව අසල සිටි කොස්තාපල්වරයා ව පසෙකට තල්ලු කර ගේට්ටුව වසා දැමීමට කටයුතු කිරීමෙන් ගේට්ටුව අසල සිටි එම කොස්තාපල්වරයකු ගේ දකුණු අතේ මාපට ඇඟිල්ල ගේට්ටු ට සිරවීමෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව රථවාහන පොලිස් නිලධාරින් මේ බව පොලීසියට කල දැනුම්දීමක් අනුව එහි පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන යතුරු පැදියද පොලිස් යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.