අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් හෙට (09දා) පැවැත් වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08දා) ප්‍රතික්ෂේප කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට පාගමනින් මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පිවිසීමට සූදානමක් ඇතැයි කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකළ හොත් පොලිසියට ඇති බලතල අනුව කටයුතු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.