මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති
නීතිඥ ප්රියන්ත විරසූරිය මහතා විසින් 071/8598888 යන වට්ස් ඇප් අංකය අද (13දා) සිට හඳුන්වාදී තිබේ.
මෙම අංකය ඔස්සේ මහජනතාවට මෙන්ම පොලිස් නිලධාරීන්ටද සෘජුවම කෙටි පණිවිඩ ලබාදීම, වීඩියෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ බවත් දුරකතන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොවත් බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.