පොලිස් රාජකාරියට බාධා කළ පොලීසියේ දෙදෙනෙක් අල්ලයි
කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසියට අනුක්තව රාජකාරි කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සහ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩි තුවක්කු මහතාගේ බත්තරමුල්ල පිහිටි කාර්යාලයේ රියදුරෙකු කටයුතු කරන පොලිස් කොස්තාපල් වරයෙකි.
කොල්ලූපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තවත් නිලධාරියකු සමග සිවිල් ඇඳුමින් සැරසී පොලිස් හැඳුනුම්පත පෙන්වා එම ස්ථානයේ සැකසහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන් දෙදෙනා සමග බහින්බස් වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව එම ස්ථානයට 119 සංචාරයේ නිලධාරීන්ට කැඳවා පරීක්ෂා කිරීමේදී ඔවුන් පොලිස් නිලධාරීන් බවට ප්‍රකාශ කර පරික්ෂා කිරීමට ඉඩ නොදී බහින් බස්වීම හේතුවෙන් සාපරාදී බලහත්කාරය පෑම හා බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
