හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබිමට සුදානම් වු පොලිස් සැරයන්වරයාගෙ වැඩ තහනමට ලක් කර අදාල නීතිමය කටයුතු කිරිම ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද දින පැවසිය.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත මුලස්ථාන පොලිසියේ රාජකාරි කල පොලිස් සැරයන් පෙරේරා නැමති නිලධාරියකු බව කියයි.
අදාල සිදුවිම 25 රාත්‍රි 8 .30 පමණ සිදුව ඇති බවත් සිද්ධියත් සමග පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබුනී.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත 25 රාත්‍රියේ සිට 26 අලුයම දක්වා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදි අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා අතර ඇතිවු කථා බහින් බස් විමක් ඇතිව කෝපයට පත්වු පොලිස් සැරයන්වරයා තම රාජකාරි ගිනි අවියෙන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට වෙඩි තැබිමට සුදානම් වෙද්දි ඒ ආසන්නයේ සිටි තවත් පොලිස් නිලධාරියකු එය වලක්වා ඇති බව කියයි.
අදාල නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවත් මොහු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.
හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතා මෙසේ අදාල සිද්ධියට මුහුණ පා ඇති බව කියයි.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අරඹා ඇති බව හලාවත පොලිසිය පවසයි.