වර්තමානයේ පොලිස් නිලධාරීන්ගෙන් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පොලිස් නිලධාරීන් බැලුවොත් 40%ක් බෝ නොවන රෝග වලින් පෙලෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නෑ. ඉතිරි 30% තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නේ. ”