මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් අද (22) පෙරවරුව වනවිට විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු පහක් අඩි 4' (4') බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 12000 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
මේ හේතුවෙන් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.ෙ
වික්ටෝරියා ජලාශයේ ධාරිතාව සියයයට 100 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එහි ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 724.50 දක්වාත් ජල මට්ටම මීටර 438.10 දක්වාත් ඉහල ගොස් තිබෙන බවත් වික්ටෝරියා ජලාශය භාර කාර්ය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
දුම්බර එම්. ආර්. ප්‍රදීප්