ප්රධාන දුම්රිය මාර්ගයේ, පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ පිහිටි පොල්ගහවෙල - කෑගල්ල, A 19 මාර්ගය හරහා වැටී ඇති පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සඳහා එළැඹෙන 15දා සිට 18 දා දක්වා සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 15 දා පෙ.ව. 7.00 සිට 18 දා ප.ව. 6.30 දක්වා වාහන ගමනා ගමනය සඳහා පූර්ණ වශයෙන් වසා තැබන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදුවන අතරතුර විකල්ප මාර්ග භාවිත කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.