කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී අද (15) දහවල් පෞද්ගලික බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි
සිදුවූ අනතුරක් සමඟම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාර වි ඇත
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු මෙන්ම බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක මෙන්ම කාන්තාවන් තිදෙනෙකි
මත්තේගොඩ ප්රදේශයේ සිට පැමිණ හොරණ කොළඹ මාර්ගය ට යොමු කර තිබූ වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථය ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ අනාවරණය වී ඇත.
සිදුවූ අනතුරක් සමඟම එම ස්ථානයට රැස් වූ ප්රදේශවාසීන් තුවාල ලබා වෑන් රථය තුළ හිර වී සිටි අනෙක් පුද්ගලයා දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන වෑතර රෝහල කරා යොමු කිරීමට කටයුතු කර ඇත
වාහන දෙක එකිනෙක ගැටීමෙන් බස් රථය තුළ සිටි පාසල් සිසුවියක ඇතුළු කාන්තාවන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා එම රෝහල කරාම ඇතුළත් කළ බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය
වෑතර රෝහලට ඇතුළත් කළ වෑන් රථයේ රියැදුරු වැඩිදුර ප්රතිකාර සඳහා කලුබෝවිල රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය
කලවාන කරා ගමන් කරා ගමන් ගත් ලංගම බස් රථය හොරණ කරා ගමන් ගන්නා මගීන් ගැනීම වැලැක්වීම සඳහා තරගයට ධාවනය කිරීමේ ප්රතිඵලයක් ලෙස මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
