රත්නපුර ගොඩකවෙල බලවින්න ප්රදේශයේ පොල් වත්තකින් පොල් අහුලන්න ගිය විවාක කාන්තාවට(මෙරට නිෂ්පාදිත ගිනි අවියක්) බදින තුවක්කුවක් පත්තු වී ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති බව ගොඩකවෙල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගොඩකවෙල, බලවින්න, මොරගහඅතුර ප්රදේශයේ පදිංචි දෙදෙරු මවක් වන නිලවලගේ නිලුකා ප්රියදර්ශිනි (37) යන මියගොස් තිබේ.
පොලිසිය විසින් කල විමර්ශන අනුව ඉකුත් (01දා) පස්වරුවේ දි මොරගහඅතුර ප්රදේශයේ පිහිටි අක්කර දොළහක් පමණ විශාල පොල්වත්තට ඇතුල් වී ඇත්තේ පොල් අහුල්න්න බවත් වත්තට ඇත්ල් වී මද දුරක් යන විට එක්වරම වෙඩිල්ලක් පත්තු වී ඇගේ පාදයකට බරපතල තුවාල සිදුවතිබේ. පසුව මෙම කාන්තාවගේ ජංගම දුරකථනයෙන් තම දාහත්හැවිරිදි පුතාට දන්වා ඇත්තේ පොල්වත්තේ තමන්ට වෙඩි වැදි ඇති බවත් වහාම තමන්ව රෝහලකට රැගෙන යැමට පැමිණෙන ලෙසයි. වහාම ක්රියාත්මක වු පුතා ත්රිවිල් රථයක් රැගෙන එම වත්තට ගොස් මව ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර සුළු මොහොතකින් මියගොස් තිබේ. පසුව පොලිසිය විසින් කාන්තාවට වෙඩි වෙදි තිබුණ වත්ත සෝදිසි යට ලක් කල අවශ්ථාවේ ස්ථාන දෙකක තිබි බදින තුවක්කු දෙකක් හමුව තිබේ. පසුව පොලිසිය විසින් එම වත්තේ මුරකරු වන ගොකවෙල පින්නකන්ද ප්රදේශයේ පදිංචි හැතෑහතර හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඉඩමේ හිමිකරු වෙනත් ප්රදේශයක පදිංචිව සිටින නිසා මෙහි ඇති පොල් සහ ගම්මිරිස් නිතර නිතර සොරුන් කඩාගෙන යන බැවින් වත්ත බලා ගැනිම සදහා මුරකරුවෙක් යොදවා සිටි බව වත්ත හිමිකරු පවසා තිබේ. පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරිම සදහා මියගිය කාන්තාවගේ දේහය ඇඹිලිපිටිය මුලික රෝහල වෙත යවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් ගිනිඅවි දෙක සහ මුරකරු (02) දින ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකල බව ගොඩකවෙල පොලිසිය පවසයි. මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ගොඩකවෙල පොලිස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක කේ. එන් .ආර් .විජේසිරි මහතා ඇතුළු නිළධාරින් කාණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ගොඩකවෙල ඩබ් ඒ පියතිලක