පොරොන්දු වූ සාකච්ඡාව තවමත් නෑ තැපැල් වර්ජනය අඛණ්ඩව
තැපැල් සේවකයින්ට ඇති වි තිබෙන ගැටලු විසඳීම අමතකකර ආණඩුවේ ඇතැම් පිරිස් තැපැල් සේවකයින් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බව තැපැල් වෘත්තීය සමීති නියොජිතයින් සඳහන් කරති.
මේ නිසා අදාළ ගැටලු විසඳන ලෙස බලකරමින් දැනට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද එම සංගම් නියෝජිතියෝ පෙන්වා දෙති.
තැපැල් වෘත්තීය සමිති විසිහතකට අයත් සේවකයන් පසුගිය 17දා ආරම්භ කළ වැඩවර්ජනය පස්වන දිනටත් ඊයේ(21දා) ක්‍රියාත්මක විය.
බලධාරීන් විසින් වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වී තිබුණත් අදාළ සාකච්ඡාව ඊයේ දිනයේදීත් ලබා නොදුන් බවත් සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට කිසිදු විසඳුමක් ලබා නොදුන් බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පසුගිය 17දා සවස 4.00 සිට හා දිවයින පුරා අනෙකුත් සියලු තැපැල් කාර්යාලවල එදින මධ්‍යම රාත්‍රී 12.00සිට මෙම වැඩ වරජනය ආරම්භ කරනු ලැබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                