ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්වලට ත්රි රෝද රථයකින් පැමිණි හතර දෙනෙක් ඊයේ (28දා) රාත්රි පොම්පකරුට පහරදි රුපියල්5500ක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ත්රි රෝද රථයෙන් පැමිණි සිව් දෙනා ත්රි රෝද රථයට රුපියල් 300ක ඉන්ධන ලබා ගැනිමෙන් පසු පොම්පකරු සමග ආරවුලක් ඇතිකරගෙන පොම්පකරුට පොල්ලකින් පහරදි ඔහුගේ අතේ තිබු රුපියල් 5500ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අත් අංගුවට ගැනිම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.ජි.ආනන්ද මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
රවිදු දීයගහගේ