නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
