පානදුර ප්රදේශයේ ප්රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ 'පොඩි සජියා' ඔහුගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
බණ්ඩාරගම කුඹුක සහ රාජගම ප්රදේශයේ පදිංචි 23 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පළමු සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්රෑම් 21 යි මිලිග්රෑම් 560 ක් ද , දෙවන සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්රෑම් 5 යි මිලිග්රෑම් 136 ක් තිබූ බව සදහන් වේ. සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.