බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 8.30ට පමණ හාලිඇළ බදුල්ල දුම්රිය ස්ථාන දෙක අතරදි පිළිපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ හේතුවෙන් ඇල්ල ඕඩිසී දුම්රිය, නුවර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, කොළඹ දක්වා ගමන් ගැනීමට නියමිත විශේෂ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
සිරීපාද සමය ආරම්භ වී ඇති බැවින් සහ දීර්ඝ නිවාඩුවක් එළඹී තිබීම හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා මගීහු බෙහෙවින් ඉහළ ගොස් තත්ත්වයක් යටතේ දුම්රිය ධාවනයට මෙසේ බාධා එල්ල වී තිබේ.
කඩිනමින් දුම්රිය පිළිගත කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.