පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇති වී තිබෙන සිසු ගැටුම් හේතුවෙන් නවතා දමා තිබෙන අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පීඨයේ සිසුන්ගෙන් වෙන් වෙන් වශයෙන් අදහස් විමසීමක් සිදු කිරීමට නියමිත බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා සමග පීඨාධිපති සහ අංශාධිපති වරුන් අතර ඊයේ (25) සවස පැවති සාකච්ඡාවේදී පීඨය තුළ මේ වන විට පවතින තත්වය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් උපකුලපතිවරයාට ලබාදී තිබේ.
පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වන බැවින් එය තහවුරු කර ගැනීමට මහා ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලා ඇති ලිපියට මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බැවින් පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම විශාල ගැටලුවක් වී ඇති බව පැවසේ.
මේ අතර හෙට (27) පීඨ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡාවට බඳුන් වීමට නියමිතය.
ෂේන් සෙනෙවිරත්න