පොලිස් අත්අඩංගුවට පත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් පහරදී නිල නිවාසයට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි .
ඔහුත් සමග එම පහර දීමේ සිද්ධියට මේ වන විශ්ව විද්‍යාල සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා නැවත ජනවාරි මස 04 වැනි දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
ෂේන් සෙනෙවිරත්න