පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි සිදු කළ බවට චෝදනා ලැබ සිටි 11 වැනි සහ 12 වැනි චූදිතයන් අද (14) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
එදින ඔවුන් අනෙකුත් චූදිතයන් සමඟ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය . නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළ වලට අලාභ හානි සිදු කිරීම, පහර දීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් පේරාදෙණිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රමාදවී පොලීසියට බාර වීම හේතුවෙන් එසේ අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවිය . 11 වැනි චුදිත වෙනුවෙන් නීතීඥ නන්ද සේනානායක මහතා පෙනී සිටියේය.
ෂේන් සෙනෙවිරත්න