පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ (03) විශ්වවිද්‍යාලයටත් පැමිණ මෙම විමර්ශනය ආරම්භ කොට තිබේ.
එම කෞතුකාගාරයේ තිබූ ඇත්දළ වලින් නිර්මාණය කරන ලද කන්හැන්දි හයක් ඇතුළු තවත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව තිබෙන බවට පැමිණිලි ලැබීමෙන් පසු විමර්ශනය ආරම්භ වී තිබේ.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ සමයේ දී ආරම්භ කොට තිබෙන මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ කැණීම් වලින් සොයා ගන්නා ලද භාණ්ඩ ඇතුළු පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ රැසක් තැන්පත්ව තිබෙන අතර කෞතුකාගාරයේ ඇති භාණ්ඩවල තොරතුරු ඇතුළත් ලේඛනය නිසි ලෙස යාවත්කාලීන නොවීම නිසා දශක කීපයක පටන් එහි තිබූ වටිනා භාණ්ඩ විටින් විට අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.
ෂේන් සෙනෙවිරත්න