දැනට දින හතරක් තිස්සේ අතුරුදහන්ව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තෙවැනි වසරේ සිසුවා සොයා ගැනීම සඳහා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ විමර්ශන කිරිමට බලාපොරොත්තු වන බව පොලීසිය කියයි.
එම සිසුවාගේ ජංගම දුරකතනය මේ වනවිට ක්‍රියා විරහිත කර තිබුණත් එහි සිම් පත තිබෙන ඉසව්ව ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ සොයා ගත හැකි බවයි පොලිසිය පවසන්නේ.
දැනට ඒ සඳහා අධිකරණයේ අවසරය තිබෙන බවද පොලිසිය කියයි . පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති මෙම සිසුවා පසුගිය 02 වැනි දින රාත්‍රියේ සිට විශ්වවිද්‍යාලයෙන් අතුරුදහන් වී ඇති බවට පේරාදෙණිය පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
ෂේන් සෙනෙවිරත්න