පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු කෝවිඩ් ආසාදිතව විශ්වවිද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
විශ්වවිද්‍යාලය 100% ක් විවෘත කිරීම අපහසුයි . සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යෙදෙනවා .
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුන් දැනට මාස 03 – 04 ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යන කටයුතුවල නිරත වෙනවා වෙනවා . සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා . කැඳවිය යුතු අනෙක් සෑම කණ්ඩායමක්ම අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට කැඳවා තිබෙනවා . මේ වන විට සිසුන් 4400 කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාර වල රැඳෙමින් අධ්‍යයන කටයුතු වල නිරත වනවා . ප්‍රායෝගික පුහුණුවීම් හා විභාග කටයුතු සඳහා අවශ්‍ය සිසුන් කැඳවනවා . වෛද්‍ය පීඨයේ, දන්ත වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් ඔවුන්ට අවශ්‍ය සායනික පුහුණුවීම් කටයුතු වල ද යෙදෙනවා .
රෝගය සිසුන් අතර සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අපගේ වෛද්‍ය පීඨයේ සුද්රජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා . එ් අය අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා . ක්‍රීඩා පිටි, ක්රීඩාගාර, පිහිනුම් තටාක, පවා එම කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කොට තිබෙනවා
ෂේන් සෙනෙවිරත්න