යාපනය පේදුරුතුඩු ධීවරයින්ට අද (10) අලුයම් කාලයේදී විශාල මෝර මත්සයින් 14 දෙනෙකු හසු වී ඇතැයි පේදුරුතුඩුව ධීවරයින් පවසයි.
ඊයේ (09) උදෑසන කාලයේදී ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගිය පේදුරුතුඩුව ධීවරයින් පිරිසකට මෙලෙස විශාල මෝරුන් 14 දෙනෙකු හසු වී ඇති අතර එම මෝරුන් 14 දෙනා කිලෝ 2000 කට අධික බරකින් යුක්ත වන බවටද ධීවරයින් පවසති.
කෙසේ වෙතත් අද අලුයම් කාලයේදීම හසු වූ මෝරුන් පේදුරුතුඩුව ධීවර ජැටියට රැගෙන ඒමෙන් අනතුරුව අලෙවි කිරීම සඳහා කොළඹ ප්රදේශයට රැගෙන යාමට ධීවරයින් කටයුතු යෙදූ අතර අදාල මෝරුන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමින් යුතු වන බවටද ධීවරයින් පවසති.
ඉන්ධන ගැටුලු හේතුවෙන් ධීවර කටයුතු අඩාල වී ධීවරයින්ගේ ජීවන ආර්ථිකයට දැඩි ලෙසින් බලපා තිබූ අවස්ථාවක මෙලෙස මොරුන් හසුවීම මහත් අස්වැසිල්ලක් බවටද පේදුරුතුඩුව ධීවරයින් පැවැසීය.
