ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ පිහිටි පෙරපාසලක දරුවන් පිරිසක් එලිමහනේ සෙල්ලම් කරමින් සිටියදී අද (11දා) උදෑසන ඹඹර ප්‍රහරයකට ලක්වීම නිසා තුවාල ලබා දඹදෙනිය මූලික රෝහලට ඇතුලත් කල බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
ඉහලින් ගමන්කරමින් සිටි ඹඹරුන් රෑනක් දරුවන් සිටි ස්ථානයට පාත්වීම නිසා මෙසේ ප්‍රහාරයට ලක් ඇති බවත් පෙර පාසල් ගුරුතුමිය ඇතුඵ මව්වරුන් කිහිපදෙනෙකුද මේ අතර සිටින බවද පොලීසිය පවසයි.
ඹඹර ප්‍රහරයට ලක්ව රෝහල් ගතකල පෙරපාසල් දරුවන් 22 දෙනා ඇතුඵ පිරිසගේ තත්වය බරපතල නොවන බව එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ගාමි ර්ණ විමලසේන මහතා පැවසීය.
රෝහලට ඇතුලත් කල දරුවන්ගෙන් 18 ක් මේවනවිට ප්‍රථිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් දරුවන් සිව් දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
සඳලංකාව-හේමලතා ඩී හේවගේ