පෙර පාසල් ගුරුවරියක බිය ගන්නවා මරණීය තර්ජනය කොට රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලූ ග්‍රාම නිලධාරිවරයා ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්දු ලියනගේ මහතා (12) දා නියෝග කළේය.
මෙම පුද්ගලයා මාස දෙකක පමණ සිට හෝමාගම පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකට දුරකථනයෙන් අමතා ඇයගේ දරුවන් තිදෙනා මරා දමන බව පවසමින් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කළ පැමිණිල්ලකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් හා හෝමාගම පොලිසියේ නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කොට ඉකුත් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මරණ තර්ජනය කිරීම හා බලහත්කාරයෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ දැරීම යන චෝදනා යටතේ සැකකරු 12 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්දු ලියනගේ මහතා නියෝග කළේය .
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත පො.කො (92502) ලක්ෂිත නිළධාරීහු පරීක්ෂණ මමෙහෙයවූහ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න