පෙම්වතියන්ගේ විශ්වාසය කඩකර ඔවුන්ට අතවර කළ පෙම්වතුන්
මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පෙම්වතුන් තිදෙනෙකු සමඟ මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පිහිටි සූකිරිඇල්ල නැරඹීමට ඉකුත් (12) වෙනිදා ගිය පෙම්වතියන් තිදෙනාගෙන් පෙම්වතියන් දෙදෙනෙකුට බරපතල ලිංගික අතවරකර අනෙක් පෙම්වතියට අතවර සිදුකර ඇති බවට මොනරාගල පොලීසියට පැමිණිල්ලක්කර ඇත.
මෙම දැරියන් තිදෙනා එදින පාසල් යාමට නිවෙස් වලින් පිටවගොස් ඇතත් පාසලට නොපැමිණි බවට තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබඳව සොයාබැලීමේදී තරුණයින් තිදෙනෙකු සමඟ යතුරුපැදි වලින් හුලංදාව දකුණු ප්‍රදේශයට ගොස් ඇති බවට අනාවරණයවී ඇත.
ප.ව දෙකහමාරකට පමණ දැරියන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති අතර ඒ පිළිබඳව විමසීමේදී සිද්ධිය අනාවරණයවී ඇත.
පෙම්වතියන් තිදෙනා අවුරුදු පහළොවයි මාස එකයි,අවුරුදු පහළොවයි මාස පහයි,අවුරුදු පහළොවයි මාස අටයි යන වියෙහි පසුවේ. පෙම්වතුන් තිදෙනාම දාහත් වන වියෙහි පසුවන අය වෙති.
ඔවුන් යතුරුපැදි තුනකින් පෙම්වතියන් සමඟ සූකිරිඇල්ල නැරඹීමට 12 වෙනිදා උදෑසන ගොස් ඇල්ල අසල කැළෑවකට ගොස් ඇති අතර පෙම්වතුන් දෙදෙනෙකු ඔවුන්ගේ පෙම්වතියන්ට බරපතල ලිංගික අතවර කර ඇති අතර අනෙක් පෙම්වතා පෙම්වතියට අතවර සිදුකර ඇත.
එක් දැරියකගේ පියා විසින් සිද්ධිය පිළිබඳව දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව මොනරාගල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරියන් තිදෙනා සහ පෙම්වතුන් තිදෙනා පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කිරීමට පියවරගෙන ඇති අතර පෙම්වතුන් තිදෙනා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
popular news
-
Kumar Friday, 14 July 2023 03:59 PM
may kello tv balanneth nathuwa athi eh vitharak nove puwath patha kiyawanney nathuwath athi. eh kiyanne diya allak muduney kalayta rigannay bhawana karnna kiya sithuwa wenne athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

