ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයත් සමග පෙට්රල් හා සුපර් ඩීසල්වලින් ලාභ ලබන තත්ත්වයටත් ඩීසල් හා භූමිතෙල් ලීටරයක් තවදුරටත් අලාභ ලබන තත්ත්වයටත් පත්ව තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයකින් රු. 68.61ක ලාභයක්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රු. 15.57ක්, සුපර් ඩීසල් වලින් රු. 20.27 ක් ලාභ ලබයි.
කෙසේ වෙතත්, තෙල් සංස්ථාවට ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 8.52ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 334 ක් ලෙස අලාභ ලබයි.