පූර්ණ එන්නත්කරණයට ලක්කර විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අවශ්‍ය නොවන බවට සඳහන් කරමින් සෞඛය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මේ සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්කර සති දෙකක කාලයක් ගත විය යුතු බවද එම මාර්ගෝපදේශ වල දැක්වෙයි.

