නොර්වුඩ් ප්‍රාදේශිය බල ප්‍රදේශයේ පිහිටි සියළුම ආගමික සහ පූජනීය ස්ථානවලින් 2022 වසරේ සිට වරිපනම් බදු අය නොකිරිමට සභාවෙන් එකමතික තිරණයක් ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.
එම ආගමික ස්ථාන සහ පුජනිය ස්ථාන වලින් ඉකුත් වසර වල හිඟ වරිපනම් බදු තම සභාවට ගෙවිමට ඇත්නම් එම හිඟ මුදල් සම්පුර්ණයෙන්ම ගෙවා නිම කිරිමෙන් අනතුරුව ආගමික සහ පුජනිය ස්ථාන වලින් මින් ඉදිරියට තම සභාවට වරිපනම් බදු අය නොකරන බවයි නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.