මුලතිව් නාගචෝල රක්ෂිතයයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුධ හමුදා කෝප්රල් වරයකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු භූගත සෙවීම් (ස්කෑනර්) යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලතිව් අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ මෙම නාගචෝල රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නාගචෝල රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැකකල හැකි ස්ථානයක් කැණීම් කරමින් සිටි හමුදා කෝප්රල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් තඹුත්තේගම, අම්බලන්තොට, මුලතිව්, මුල්ලියාවේලි, රාජංගනය සහ නොච්චියාගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 17 - 62 අතර වයසේ පසුවන පුද්ගලයන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම පිරිස අතර හමුදාවේ සේවය කරන කෝප්රල් කෝප්‍රල්වරයා ද සිටි බව විශේෂ කාර්ය බලකාය පවසයි.