පුරන් කුඹුරු මූලික බිම් සැකසීම සඳහා අක්කරයකට රු. 36,000ක්
පුරන් කුඹුරු මූලික බිම් සැකසීම සඳහා අක්කරයකට රු. 36,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසරේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රු. මිලියන 430ක මුදලක් වෙන් කර ඇති අතර,එම මුදල් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට ලබා දීමට නියමිතය.
දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව මෙරට තුළ වගා නොකර අත් හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000කි. ඒ අනුව ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2749කි. ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1012ක් වන බවද සඳහන්ය.
මේ අතර වගා නොකරන කුඹුරු ඉඩම් ගොවිජන සේවා පනත යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමටත්, අනතුරුව ඒවා වගා කළ හැකි පුද්ගලයන්ට පැවරීමටත් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
