නානුඔය පොලිස් වසමට අයත් නානුඔය ග්ලාසේ ඉහළ කොටසේ තිබී සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට නානුඔය පොලීසිය ඊයේ (18) දින සමත් වි ඇත.
සැකකටයුතු පාර්සලය පිළිබඳව නානු ඔය පොලීසියට ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නානුඔය ග්ලාසෝ ප්‍රදේශයේ අතහැර දමා තිබුණු නිවසක පිටුපස තිබි සොයාගෙන ඇත.
සැක කටයුතු පාර්සලය තුල තිබී පෙට්‍රල් බෝම්බ , වෙඩි බෙහෙත් , විදුලි පරිපත සදහා යොදා ගන්න වයර් ඇතුලු පුපුරන ද්‍රවය තොගයක් සොයා ගැනීමට නානුඔය පොලිසිය සමත්විය.
අදාල පාර්සලය ත්‍යාග ඔතන කඩදාසියකින් ආවරණය කර නිවසක් පිටුපස දමා ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව නානුඔය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නානුඔය පොලීසිය වැඩිදුරටත් පැවසිය.
