බණ්ඩාරවෙළ පුනාගල හබරගල වත්තේ වතු ලයිම්කාමර පහක් 19 දින රාත්රි නාම යෑමට ලක්වීමෙන් එහි ජීවත්වු පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි,
ප්රදේශයට රාත්රි කාලයේ පැවති අධික වර්ෂාවත් සමග නාය යෑම සිදුව තිබේන බවත් තුවාල කරුවන් කොස්ලන්ද රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය කියයි,
නාය යෑම සිදුවීමෙන් අනතුරුව වතු සේවකයින් පිරිසක් සුන්බුන් වලට යටවී සිටි පිරිස් ගොඩට ගෙන රෝහල් ගත කළත් තුවාලකරුවන් පස් දෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය කියයි,
නාය යෑම සිදුවීමෙන් පසු පවුල් 60ක පුද්ගලයින් 200ක් පමණ දෙනෙකු අවතැන්ව පුනාගල පාසලේ කදවුරක නවතා තිබේන බවත් එම පිරිසට ප්රදේශයේම ජනතාව සහන සළසා තිබෙන බවත් ආපදා කළමණාකරන ඒකකය කියයි,
නාය යෑමට ලක්වු ප්රදේශයට පවතින අධික වර්ෂාව හා මීදුම නිසා සහන කණ්ඩායම් වලට එම ස්ථානය ළගාවීමට නොහැකිව සිටිව බවද පොලිසිය කියයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි/පාලිත ආරියවංශ

