“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික වැඩපිළිවෙලේ කොටසක් බව හැමෝම වටහා ගත යුතු යැයි” බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන කරන ලද මෙගාවොට් 5ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අද (04) එක් වෙමිනි.
“ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩ පිළිවෙළත් ඒ වගේ තමයි. විදුලිබල ක්ෂේත්රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කරන එක රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගත්ත රජයක් මේ තියෙන්නේ. සේවක අයිතිවාසිකම් වරප්‍රසාද රකිමින් හැකි සෑම විටම වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ජා කරමින් ඉතාම සද්භාවයෙන් හා වීවෘතව ඒ වැඩපිළිවෙල අපි දියත් කලා. රටේ බලශක්ති ක්ෂ්‍රේත්‍රයේ අරමුණු දිනාගන්න නම් ඔය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා” යැයි ද පැවසීය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන පෑන් ඒෂියන් පවර් පී.එල්.සී සමාගමට අනුබද්ධ PAP EGSS SOLAR PVT LTD මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යපෘතියේ ආරම්භක අවස්ථාවට සුනිත්යය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ වික්‍රමසිංහ, අක්මීමන ප්‍රාදේශීය සභා සභාපති සුගත් ආනන්ද, ඒෂීයන් පවර් පී.එල්.සී සමාගමේ සභාපති ලක්ෂ්මන්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.


