පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ අඩු වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් රථ 25 ක්, 30 ක් පමණ ධාවනය වන ඇතැම් මාර්ගවල බස් රථ දෙකක් පමණක් ධාවනය වන තත්වයට පත්ව ඇති බවත් ගම්බද මාර්ගවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවත් සභාපතිවරයා පැවසීය.
පෞද්ගලික බස් රථ ඉන්ධන ගැටලුව සාකච්ඡා කර විසඳිය යුතු බව ඔහු පවසයි.