මෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින් එක්කෝටි,හැටපන්දහස්,හයසිය අසුදෙනෙකු (10,065,680) මෙම වර්ෂයේ මැයි මස 09 වැනිදින වනවිට TIN අංක ලබාගෙන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවි ඇති බැව් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
මේවනවිට ශ්‍රිලංකාවේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දල වශයෙන් මිලියන 17කි. 2024 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනිදින සිට 2025 වර්ෂයේ මැයි මස 09 වැනිදින දක්වා කාලය තුල TIN අංක ලබාගෙන දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව තිස්එක්ලක්ෂ,හැත්තැනමදහස්,තුන්සියහැත්තැදෙකකින් (3,179,372) පමණ වර්ධනය වි ඇති බවද දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුවපෙන්වාදෙයි.
මෙම කාලසිමාව තුල ආදායම් බදු සදහා ලියාපදිංචි වි ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව වර්ධනය වි ඇත්තේ 93,338කින් පමණ වේ. ඒ අනුව වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකරගැනිමට මෙන්ම ඔවුන් අතුරින් මිලියන 1.2කට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයින් ආදායම් බදු යටතේ ලියාපදිංචිකර ගැනිමට ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.
චන්දන සමරවික්‍රම