පනස් පස් හැවිරිදි තම අවිවාහක පුත්‍රයා හදිසි අනතුරකින් මිය යාමේ සිද්ධිය අසා දැඩි සංවේගයට පත් අසූ පස් හැවිරිදි පියකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් පේරාදෙණිය පොලිස් වසමෙන් වාර්තා වේ.
උඩපේරාදෙණිය ප්‍රදේශයෙන් ඇළ මාර්ගයකට ඇද වැටී එසේ මියගොස් ඇත්තේ සුප්පයියා මුතුබණ්ඩා (55) නැමැති අය බවත් එම මරණය අසා ශෝකයට පත්ව එදිනම ඔහුගේ පියා වන අරුණාචලම් සුප්පයියා (84) නැමැති අය සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය අය තම සහෝදරියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර ඔහු නිරන්තරයෙන් බීමතට ඇබ්බැහි වූ අයකු බව සුප්පයියා විමලාවතී නැමැති ඔහුගේ සහෝදරිය පොලීසියට ප්‍රකාශ ලබා දී තිබේ . ඉකුත් 08 වන දින රාත්‍රියේ තම සහෝදරයා සහෝදරියගේ නිවසට යන බව පවසා පිටව ගොස් ඇති අතර තම සහෝදරයා නිවසට නොපැමිණීම හේතුවෙන් ගමේ ස්ථාන කිහිපයකම ඔහු පිළිබඳව සොයා බැලුවත් තොරතුරක් ලැබී නොමැති අතර ඔහු පිළිබඳ තොරතුරක් සොයා ගැනීම සඳහා යළිත් ගම අවට සොයාබැලීමේදී එහි ඇළ මාර්ගයක වැටී තිබියදී ඊයේ (10) ඔහුගේ මෘත ශරීරය හමුව තිබේ .
තමා පුතා මියගිය සිද්ධිය දැනගත් ඔහුගේ පියා ද එදිනම සිය නිවස තුළදී ගෙල වැලලාගෙන මිය මියගොස් තිබේ .මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. කුලතුංග මහතා විසින් ද මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා විසින් ද සිදු කරනු ලැබූහ .
ෂේන් සෙනෙවිරත්න