පුත්තලමේ නිවාස දෙකක නිරෝධායනය කරයි
කොරෝනා ආසාධිතයකු බවට මේ වන විට හඳුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වූ නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වල යෙදවීමට සෞඛ්‍ය අංශ අද (28දා) කටයුතු කෙරුණී.
කොරෝනා අසාධිතයකු ලෙස හදුනා ගැණුන පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි තුවාන් මොහොමඩ් තුවාන් ( 50 ) නැමැත්තා පදිංචි නිවසේ බිරිද දරුවන් හා ඥාතින් ඇතුළු 7 දෙනෙකු හා මොහු නිතර ගැවසුන නිවාස දෙකක පිරිස මෙසේ නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.
මේ වන විට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ දැනට කොරෝනා ආසාධිතයකු බව පැවසෙන ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයේදි යෙදුන තවත් 6 දෙනෙකු මේ වන විට පුත්තලම, තිල්අඩිය, අල්කාසිම් සිටි රත්මල්යාය, ඇතුළු පිරිසක් බව බවයි.
කෙසේ නමුත් මෙම පිරිස තවත් කොතරම් පිරිසක් ඇසුරුකර ඇත් දැයි සොයා බැලිම මේවන විට අරඹා ඇති බව කියයි.
අදාළ ස්ථානයට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කණ්ඩායම් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ නිලධාරීන්ද එක්වී අදාළ කටයුතු කරන ආකාරය දැක ගත හැකි විණි.

popular news
-
ranjith Sunday, 29 March 2020 07:16 AM
මේ අය ගුවන් තොටුපළෙන් යෙව්වේ මොකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

