පුත්තලම නගර සභාවේ සභාපති ධුරය නිතරගයෙන් ඒ සදහා නම් යෝජනා වු ජාතික ජන බලවේගය පක්ෂයෙ එම්.එෆ්.රින්සාද් අහමඩ් මහතාගේ නම සම්මත විම 16 දින වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය ඉදිරියෙ පැවති අවස්ථාවේදි සිදුවිය.
පළාත් පාලන මැතිර්ණයට තරග වැදි ජයග්රහණය ලබා ගත් සභිකයින් අද මේ සදහා එක්ව සිටි අතර ජාතික ජන බලවේගය පක්ෂය සදහා සභික ධුර 7 ක් හිමිව තිබු අතර සමගි ජන බලවේගය,ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය,එන්.එස්.පි.ජී, හා ස්වාධින කණ්ඩායම් ඇතුළු පක්ෂ සදහා මන්ත්රි ධුර 12 ක් හිමිව තිබුණි.්
නගර සභාපති ධුරය පත් කර ගැනිම සදහා ජාතික ජන බලවේගය පක්ෂය දැඩි අසිරුතාවයක තිබුනද ඒ සදහා නාම යෝජනා නම් කල අවස්ථාවේදි සමගි ජන බල වේගය පක්ෂයෙන් නම් යෝජනා කල එම්.එන්.එම් .නුස්කී මහතා එය ප්රතිප්ශේප කිරීම සිදුවු අතර වෙනත් නමක් යෝජනා නොවිම හේතුවෙන් ජාතික ජන බල වේගය පක්ෂයෙන් යෝජනා වු එම්.එෆ් .රින්සාද් මහතා නිතරගයෙන් තේරී පත්විම සිදුවිනි.
ඉන් පසුව උප සභාපතිවරයා තෝරා පත්කර ගන්නා අවස්ථාවේදි සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් නම් දෙකක් යෝජනා වි තිබුණි.
ඒ විජීත් ප්රසන්න හා එම්.එන්.එම්.නුස්කී මහත්වරුන්ගේ නම් යෝජනා වි ජන්ද විමසිමක් සිදුවු අතර එහිදි විජීත් ප්රසන්න මහතා ජන්ද හයක්ද නුස්කී ජන්ද 10 ක් ලෙස හා තවත් ජන්ද තුනක් ප්රතිප්ශේප විම සිදුවිමත් සමග වැඩි ජන්ද ලබා ගත් එම්.එන්.එම්.නුස්කි මහතා උප සභාපති ලෙස තේරී පත්විනි.
සභාපතිවරයා ඇතුව පිරිස පිළිගැනිම සදහා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් එක්ව තිබුනී. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගය පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන මොහොමඩ් පයිසාල්,ගයාන් ජානක ඇතුළු පිරිසක් එක්ව තිබුනී.