මීළඟ පළාත් පාලන මැතිවරණය2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා මහතා මාතලේදී පැවසීය.
සභාපතිවරයා එසේ පැවසුවේ යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුළුව අමතමිනි.
එහිදීනිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත්ව තිබෙන ප්‍රධාන යෝජනා දෙක වන ප්රචාරක වියදම්ක්රමවේදය සහ තරුණ නියෝජිත ක්‍රමවේදය සම්මත වුවහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බවයි.
මාතලේ ඇම්.ඩබ්ලිව්.සෝමරත්න/මහේෂ් කීර්තිරත්න / රවින්ද්‍ර විරාජ් අබේසිරි