පිළියන්දල ආසාදිතවු රෝගියාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට
කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
පසුගිය 20 වෙනිදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා රෝහල්ගත කළ කාන්තාවගේ සමීප ඥාතීන් වන බවත් ඔහු ඊට දින දෙකකට පෙර කොස් රැගෙන ගොස් එම නිවසට ලබාදී ඇති බව තොරතුරු අනාවරණය වූ බව වෛද්‍යවරයා පැවසීය .
මාළු ව්‍යාපාරිකයා ආසාදිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරීවරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
බිමල් ශ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

