ඕපනායක පොලිස් වසමේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 12ක් වන මෙම දරුවා සිය දෙමාපියන් සමග ප්රිය සම්භාෂණයකට එකව සිටියදී තම මිතුරන් සමග පිහිනුම් තටාකයේ ක්රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
ඉඹුල්තැන්න පදිංචිව සිටි පිරිමි දරුවෙක් මෙම අනතුරට මුහුණ පා තිබේ. මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.