පිලිපීන ජාතිකයන් ගෙන යන්න නෞකා දෙකක් කොළඹ වරායට
පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සහාය ලබා දෙන ලදි.
COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් ලොව සියළුම රටවල් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් සිය මව් රට බලා යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි රැකියා සහ සංචාරයන් සඳහා පැමිණි පිලිපීන ජාතිකයින් පිරිසක් පිලිපීනය බලා රැගෙනයාමට මෙම නෞකාවන් අද (2020 මැයි 29) කොළඹ වරායට සේන්දු වන ලදි.
තවද මෙහිදී අදාල නෞකාවන් සඳහා අවශ්‍ය සැපයුම් අවශ්‍යතාවයන්ද කොළඹ වරායෙන් ලබා ගැනීමට ඔවුන් කටයුතු කරන ලදි. පවතින වසංගත තත්වය මත එම නෞකාවන්හි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට සිටි පිලිපීන ජාතිකයින්ද අදාල නෞකාවන් වෙත ගොඩනැංවීමට ප්‍රථම ඔවුන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද මෙහිදී කටයුතු කරන ලදි.
තවද, මෙම නෞකාවන් 2020 මැයි මස 30 වන දින කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව ඇත.



popular news
-
Ex Pohottuwa Friday, 29 May 2020 08:35 PM
Excellent Leaders in ෆිලිපිනේ. A very good example to ශ්‍රී ලංකා who are scared of bringing back our own citizens to ශ්‍රී ලංකා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

