පිරිමහගන්න පුළුවන් විදිහට ජීවත් වෙමු
කාලයක් තිස්සේ ඉන්ධනවලින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදය නිසා භයානක ලෙස විදුලි අර්බුදයක් මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, ඉන්ජිනේරුවන්ගේ ඒ අඩුපාඩුව එනම් ජල විදුලිය හෝ වෙනත් ක්‍රියාමාර්ග නොව ඩීසල්වලින් විදුලිය නිපදවීමේ අක්‍රමවත් ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවය.
ඉන්ධන පිරිමැසීම සහ සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම වහා ආරම්භ කළ යුතු බවද අමත්‍යවරයා කියා සිටියේය.
"කවදාවත් බලාපොරොත්තු නොවුනු වසංගතයක් ලොව වෙලාගෙන ඉන්නවා. පොහොසත් රටවල් පවා මහා අර්බුදයකට මුහුණ දීලා. ජනාධිපතිතුමා ඇතුළු රජය මේ වෙලාවෙ බැලුවෙ, පළමුවෙන් ම ජන ජීවිත ආරක්ෂා කරගන්න. ඒ අතරෙ රුසියාව ගැටුමකට මැදිවෙලා.
ඒ නිසා ලෝක තෙල් මිල තවත් ඉහළ නගිනවා. අපි තෙල් නිපදවන රටක් නොවේ. අපි පුළුවන් විදියට තෙල් පිරිමසා ගම්මු. ගමන් බිමන්වලදි වුනත් අපිට තෙල් පිරිමහගන්න පුළුවන් වෙන විදියට ජීවිතයේ කටයුතු හැඩගස්වා ගනිමු.
රටේ පුළුවන් දේ රටේම ,නිපදවා ගනිමු. අපිට නිවස සඳහා සූර්ය තාපයෙන්, සූර්ය පැනල හරහා විදුලිය නිපදවා ගත හැකියි. අතිරික්තයක් තිබුණොත්, අහළ පහළ ගෙවල් සඳහා අලෙවි කරන්න පුළුවන්.
අනික මේ සියලු අර්බුද මැද ඉතා ප්‍රවේශමෙන් අනාගතයට මුහුණ දෙන්න වෙනවා. අතට සල්ලි හම්බවුනා ම සියල්ල වියදම් නොකර ඉතිරි කර ගන්න. "
popular news
-
Kumar Sunday, 27 February 2022 03:45 PM
palamuwen oyagollo mulinma ema neethi pilipadinna. vidulibala manadalayata siyaluma hinga mudal gewanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

