සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අග්බෝ හස්තියා පිරිත් නූල හොඩයෙන් ගෙන, තම අසාධ්‍ය පාදයේ පටලා ගත් අවස්ථාව, විරල අවස්ථාවක් බවත් සොබාදහම යනු බුදු දහම බවත් පූජ්‍ය වන වාසී රාහුල හිමිපාණන් පැවසූහ.
දඩයක්කරුවෙකුගේ බදින තුවක්කුවකට හසුවී පාදයකට බර පතල තුවාල සිදුව මාස දෙකකට වැඩි කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට සහ එම සත්වයා සුවපත් කර ගැනීමට දායක වන සියල්ලන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ජායනයක් ඉකුත් (18දා) පස්වරුවේ තිරප්පනේ ලබුනෝරුව මහ කැලයේදී සිදු කෙරිණි.
"මෙම සිදු වීම දුර්ලභ සිදු වීමක්, මිහිතලයේ ප්‍රථම අවස්ථාව මම හිතන්නේ, අග්බෝ හස්තියා විසින්ම පිරිත් නූල, කකුලට රැගෙන ආබාධිත කකුල වටා දවටා ගත්තා. ලෝක ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම වෙලා නැහැ.බු දු දහමයි සොබා දහමයි දෙකම එකයි.
විශේෂයෙන් එම සත්ත්වයා තිරිසන් සත්වයෙක්, මම උනත් ඒ අවස්ථාවේ දී හිතුවේ, ඒ සතාට තියෙන වේදනාවට පිරිත් නූල කඩලා විසි කරල දායි කියලා.මේ සියලු දේ පසෙකලා, ඒ තිරිසන් සතා තේරුම් ගත්තා, තුවාල වෙලා ඉන්න මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න මේ පිරිස ඇවිල්ල ඉන්නවා කියන කාරණාව.
මෙවැනි සිදු වීමක් මෙරට තුළ සිදු වූ පළමු අවස්ථාව සහ අවසන් අවස්ථාවත් මෙය වෙන්න පුළුවන්."" යැයි ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි හිමිපාණනන් මෙම සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පැවසූහ.
අග්බෝ හස්තියාට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමට දායකත්වය දක්වන වෛද්‍යවරු හා නිලධාරීන් මෙන්ම දෙමසක් යනතුරු මේ වන තෙක් පැය 24 ක අග්බෝ පිළිබද අවධානයෙන් අග්බෝ ඇතාට ආරක්ෂාව සපයමින් ඝන වනාන්තරයේ රැඳී සිටින තිරප්පනේ වනජීවී නිලධාරීන්ට හා එම මෙහෙයුම වාර්තා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් සෙත් පතා මෙන්ම, අග්බෝ ඇතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම සෙත් පිරිත් සජ්ජායනය පිරිත් පැන් ලබා දීමට මෙහිදී කටයුතු කරනු ලැබුවා.
එම පිරිසට පිරිත් සජ්ඣායනා කොට පිරිත් නූල් බැඳ, පසුව අග්බෝ ඇතුට ජලය ලබා දෙන ජල බඳුන් වලට පිරිත් පැන් එකතු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඉන් අනතුරුව වනජීවී නිලධාරීන් හා එක්ව අග්බෝ ඇතාට ආහාර ලබා දීමට කටයුතු කරණු ලැබූ අතර, පසුව අග්බෝ ඇතා ආහාර ලබා ගන්නා ස්ථානයේ එම සත්වයාට අවහිරයක් නොවන පරිදි පාද වලට ස්පර්ශ වන පරිදි පිරිත් නූල ඒ ආසන්නයේ තබා සෙත් පිරිස් සජ්ජායනාව සිදු කළහ.
එම අවස්ථාවේ දී අග්බෝ හස්තියා තම හොඩයෙන් පිරිත් නූල රැගෙන තම අසාධ්‍ය කකුලේ ඒ දවටා ගන්නා දර්ශනය සියලු දෙනා මවිත කළ දර්ශනයක් විය.
ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමිපාණන් මෙහිදී පැවසුවේ.දින ගණනාවක් තිස්සේ මහ වනාන්තර මැද, නා කැලයේ සිට මෙම පිරිත් කර ඇති මෙම පිරිත් නූල ඉතා බලගතු එකක් බවය, ඕනම අයෙකු සුව කළ හැකි බවය, පිරිත් පැන් කල පමණක් අට දහස්වාරයක් කරණීය මෙත්ත සූත්‍රයෙන් පිරිත් කළ බවද උන්වහන්සේ පැවසූහ.
ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි හිමිපාණනන් හා ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමිපාණන් වහන්සේලා පිරිත් සජ්ජායනාව සිදු කළහ.


