පිලියන්දල මිරිස්වත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ට ජීප් රථ දෙකකින් කඩා වැදුණු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් ඉන්ධන හලේ හිමිකාරිනිය ට හා කළමනාකරු ට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
මීට සතියකට පමණ ඉහත සිට ඉන්ධන හලේ ආරක්ෂාවට යෙදවූ ගුවන් හමුදා සෙබළුන් ඉකුත් පළමු දින රාත්‍රියේ එම ඉන්ධන කාමරයක නේවාසිකව රැඳී නිදා සිටියදී ඉන්ධන හලේ සේවකයෙකු විසින් රාත්රියේදී සෙබළුන් කීප දෙනකුගේ ඇඟට තට්ටු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන්ධන හලේ කළමනාකරු කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
ඉකුත් 30 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුයුක්ත රත්මලාන හමුදා කඳවුරෙන් නිලධාරීන් පස්දෙනෙකු අප ඉන්ධන ඉන්ධන හලේ ආරක්ෂාව මා පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඉකුත් දෙවෙනි දින ගුවන් හමුදා නිලධාරියෙකු මට කීවා ,ශෙඩ් එකේ වැඩ කරන ලමයා,කට්ටියට නිදාගන්න දෙන්නේ නැහැ,එයාලගේ ඇඟට තට්ටු කරලා කියලා. මම එයාලට කීවා මම එම සේවකයාව අයින් කරන්නම් කියලා,එවිට ඔවුන් මට කීවා ඒ සේවකයාව කෑම්ප් එකට අරගෙන ගිහිල්ලා ගහනවා කියලා තර්ජනය කළා.
තවද ඔවුන් මට කීවා ඔයා කැමැත්තෙන් ලිපියක් ලියලා දෙන්න .ආරක්ෂාවක් ඕන නෑ කියලා.මම ඒකට බැහැ කීවා.ඒ එක්කම එම නිලධාරියා මට ගහන්න අත උස්සලා තර්ජනය කළා,මාව තියන්නේ නෑ කියලා.
බනින එක සහ මට ගහන්න හදන දර්ශන මගේ ජංගම දුරකථනයේ ද සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන හලේ සවි කරලා තියෙන සිසිටිවි කැමරා වලද පටිගත වෙලා තියෙනවා.
නිදා සිටි අයකුට තට්ටු කිරීම සම්බන්ධයෙන් අප ඉන්ධන හලේ කළමනාකරු හා ගුවන් හමුදා නිලධාරීයෙකු අතර බහින්බස්වීමක් සිදුවුණා .
ඒ පිළිබඳ එම නිලධාරියා විසින් දුරකථනයෙන් කිසියම් වූ අයකුට පවසනවා මට ඇසුනා. විනාඩි විස්සකට පමණ පසු ජිප් රථ දෙකකින් කොමාන්ඩෝ ඇඳුම් ඇඳ ගත් පිරිමි හා කාන්තාවන් විස්සකට ආසන්න පිරිසක්ඉන්ධනහලට පැමිණියා,මම ඒ වන විට හිටියේ ඉන්ධන හලේ කාර්යාලය තුළ,
එලෙස පැමිණි නිලධාරීන් තුන් දෙනෙක් මරණ තර්ජනය කරමින්,මෙම ඉන්ධන හල එම අය පවරාගෙන තියෙන බවත්, එයාලා කියන ආකාරයට වැඩ කරන්න ඕන.එයාලා කියන විදිහට නොකොළොත්,ඉන්ධන හල වසා දමා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දීමට කටයුතු කරන බවත් තර්ජනය කරමින් පැවසුවා.
ඒ වගේම ඔවුන් මට තර්ජනය කරමින් කීවා,මාව මරන්නත් පුළුවන් වෙඩි තියන්නත් පුළුවන් උස්සලා පොළොවෙ ගහන්නත් පුළුවන් කියමින් මට දිගින් දිගටම තර්ජනය කළා යනුවෙන් හිමිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
අදාළ සිදුවීම ඉන්ධනහලේ සවිකර තිබෙන සිසිටිවි කැමරා වේද සටහන්ව ඇතැයි ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
අදාල මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඉහළ නිලධාරියෙකුට දුරකථනයෙන් දැනුම් දුන් බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරි සාරනාත් සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පරීක්ෂණ පවත්වයි .